Tuesday, 8 October 2024

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන විශේෂ දැනුම්දීමක්...


සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය වන්නේ රුපියල් 237 ක්, 269 ත් අතර මිලකටයි.

තිරිඟු පිටි1kg රුපියල් 149 ත් 177 ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

පරිප්පු 1kg අලෙවි කළ හැකි වන්නේ රුපියල් 270 ත්, 317 ත් අතර මිලකටයි.

ආනයනික අර්තාපල් 1kg රුපියල් 160 ත් 234 ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

දෙනෝදාහක් ගැවසෙන නෙළුම් කුලුනේ ආරක්ෂකයින්ගේ ඇස් වසා රාධ්‍යා මේ තැනට ගියේ කොහොමද..? අවසන් මොහොතේදී ඇය හැසිරුණේ, කිසිවෙකුටත් සැක නොසිතෙන්න විදිහටද..?

 


මෙවැනි මරණ එක දිගටම සිදුවීම ගැන ඇත්තටම මීට වඩා අවදානය යොමුකරන එක ඇත්තටම වැදගත් කාරණයක්..


ඒ දරුවන්ගේ මනස මේ තරම් දැඩි තීරණයක් ගන්න තරම් වෙනස් වුණේ කොහොමද...? මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන තවත් පැත්තකින් ඇසෙන කතාවක්.. නෙළුම් කුලුනෙන් පැන දිවි නසා ගත් රධ්‍යා ගුණසේකර පසුගිය ජුනි මස 02 වැනිදා කොළඹ අල්ටෙයාර් ගොඩනැඟිල්ලෙන් පැන දිවි නසාගත් සිසුවාගේ හා සිසුවියගේ හොඳම මිතුරිය බවට දැරියගේ පියා පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා..

ඉතින් මේ මරණය සිදුවෙන තුරුත් රාධ්‍යාගේ හැසිරිමේ වෙනසක් ඔවුන් නොදුටුවේ ඇයි..? පාසලේ ඇගේ මිතුරු මිතුරියන් සේම ගුරුවන්ට පවා ඇගේ මේ වෙනස දැනෙන්නට ඇති.. එය එසේ පවතිද්දී මේ සිද්ධියේදී නෙළුම් කුළුණේ ආරක්ෂක නිලධාරීන් ගැනත් කතා බහ වෙනවා..

ඇය මේ තැනට යාමට මත්තෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන නෙළුම් කුලුනට ඇතුළු වූ දැරිය එහි බිම් මහලේ ඇති පොදු වැසිකිලියට ගොස් සාමාන්‍ය ඇඳුමකින් සැරසී 29 වැනි මහලේ ඇති නැරඹුම් මැදිරිය වෙත පැමිණ තිබුණා...

නෙළුම් කුලුනේ පාලනාධිකාරිය සඳහන් කළේ, නැරඹුම් මැදිරියේ රැඳී සිටි දැරිය එහි පැමිණ සිටි අනෙක් පුද්ගලයින් සහ ආරක්ෂක නිලධාරීන් මග හැර පස්වරු 3ට පමණ ක්ෂණිකව ඉන් පනින අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව ඇති බවයි... මීටර් 244 ක් උසින් පිහිටි 29 වැනි මහලෙන් පැන තිබූ දැරිය මීටර් 15ක් පමණ උසින් පිහිටි නෙළුම් කුලුනේ පෙති සහිත කොටස වන 3 වැනි මහලට ඇද වැටීමෙන් මියගිය ඇගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ආ දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණා...

ඊයේ සිදුවුණු මේ සිදුවීම සහ ඒ වන විටත් නැරඹුම් මැදිරියේ ආරක්ෂක නිලධාරීන් 5 දෙනෙකු සේවයේ නිරතව සිට තිබුණා..  මීටර් 244 ක් උසින් පිහිටි 29 වැනි මහලෙන් පැන තිබූ දැරිය මීටර් 15ක් පමණ උසින් පිහිටි නෙළුම් කුලුනේ පෙති සහිත කොටස වන 3 වැනි මහලට ඇද වැටීමෙන් මිය ගියා... එමෙන්ම අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන තිබූ දරුවන් එහි 68 වැනි මහලේ සිට 3 වැනි මහලට පැන තිබූ අතර එහි උස මීටර් 220කට අධිකයි...

ඊයේ රධ්‍යා දිවි නසා ගත්තේ ද, නෙළුම් කුලුනේ 29 වැනි මහලේ සිට එහි 3 වැනි මහල දක්වා මීටර් 229ක පමණ උසකින් පහළට පැනීමෙන්... මෙම සිද්ධීන් දෙක අතර යම් යම් සම්බන්ධතා පෙන්නුම් කරන බව එම සාක්ෂි මගින්ද තහවුරු වෙනව් කෙසේ වෙතත් මෙවන් පොදු ස්ථානයකදී ඇය සිදුකරගත් මෙම ජීවිත හානිය ගැන තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.. 

ඇය මේ වගේ දැඩි තීරණයක් ගත්තේ කොහොමද..? මේ තරම් උසකින්....? පොලිස් නිලධාරීන් පවා මවිතයට.. නෙලුම් කුළුනට අදුරු මතකයක් එක්කරමින් සමුගෙන ගිය රාද්‍යා ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..




බොහෝ දෙනා ඒ සිදුවීම ගැන කතා කරනවා.. මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන තවත් කතාවක්..

ඇය රද්‍යා ගුණසේකර නමැති ඇය වයස අවුරුදු 15ක සිසුවියක්.. තවමත් සිදුවූ දේ පිළිබඳව නිවැරදි නිගමනයකට එන්නට නොහැකි වුණත්, සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වබ බවයි වාර්තා වෙන්නේ..

කෙසේ වෙතත් ඇය මේ වගේ තීරණයක් ගන්න ඇත්තේ ඇයි..? ඒ ගැන සියල්ලන්ටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.. කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලේ 11 පංතියේ අධ්‍යාපනය ලබමින් ඇය පාසල නිමවීමෙන් අනතුරුව ඇය කුරුඳුවත්තේ සිට නෙළුම් කුලුනට පැමිණ ඇත්තේ පාසල් නිල ඇඳුම සිය පොත් බෑගයේ දමාගෙන වෙනත් ඇඳුමකින් සැරසී බව පොලිසිය පවසන්නේ..

නෙළුම් කුලුනට ඇතුළුවීමට ඇය ටිකට්පතක්ද රැගෙන 29 වැනි මහල ලෙස නම්කර ඇති නැරඹුම් මහලට ගොස් සිය සපත්තු ගලවා බැම්මට මතට නැඟ බිමට පැන ඇත්තේ සවස 3.30ත් 4.00ත් අතර බව පොලිසිය පවසනවා..

එම සපත්තු ජෝඩුවද විමර්ශනයේ දී පොලිසියට හමුවී ඇති අතර, ඇය බිමට පැන ඇත්තේද ආරක්ෂක නිලධාරීන් මෙන්ම නැරඹුම් මහලේ සිටි බොහෝ පිරිසක් මඟ හැර හුදෙකලා ස්ථානයකින් බව ද විමර්ශනයේ දී පොලිසියට පෙනී ගොස් තිබෙනවා...

නැරඹුම් මහලේ සිට බිමට පැන්න ඇය එහි දී වැටී ඇත්තේ තෙවැනි මහලේ කොන්ක්‍රිට් තට්ටුව මතටයි.. මෙම සිසුවිය නෙළුම් කුලුනට පැමිණ ඉහළ මහල වෙත ගමන් කරන අයුරු මෙන්ම නැරඹුම් මහලේ ඇය සැරිසරන අයුරු ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළා.. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට ඉදිරියේ දී පොලිසිය කටයුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවා..

මෙම සිසුවිය නෙළුම් කුලුනෙන් බිමට පැන්න නැරඹුම් ස්ථානයේ සිට ඇය බිමට වැටුණු තුන්වැනි මහල අතර උස මීටර් 250ට වැඩි බවත් මෙරට ඉතිහාසයේ ගොඩනැඟිල්ලක මෙතරම් ඉහළකින් බිමට පැන සිය දිවි හානිකර ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙන්ම නෙළුම් කුලුනෙන් පැන සියදිවි හානාකරගත් පළමු තැනැත්තිය ඇය වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.




Thursday, 3 October 2024

රහසඟ කපා මේසයක් උඩ තබා ඔහු අවසන් ගමන් ගිහින්.. සියල්ලන්ටම රහසක් ඉතිරි කරමින් මියගිය ඔහුගේ මරණයේ සුලමුල සොයා පොලිස් මෙහෙයුම්..

 



මේ කියන්න යන්නේ තවත් අබිරහසක් ඉතිරි කළ කතාවක්.. මේ කියන්න යන්න කාරණය ඇත්තටම එකවර විශ්වාස කරන්නත් අපහසු තරම්.. 


හබරණ දුම්රියපොළ අසළ ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අවාසනාවන්ත ලෙසින් සියදිවි නසාගැනීමේ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා..

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක තරුණයෙක්..

ඔහු තම රහසඟ කපා මේසය උඩ තබා අනතුරුව ගෙල වැළලාගෙන තිබෙනවා..

ඔහු මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙකු බවයි වාර්තා වෙන්නේ..

එමෙන්ම මෙම සියදිවි නසාගැනීම තමන් සිතාමතාම සිදුකරන බවත් එයට කාගේ හෝ මැදිහත්වීමක් නොමැති බවත් සඳහන් කරමින් ඔහු ලිපියක්ද ලියා ඇති බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමදී හබරණ පොලිසිය සඳහන් කර සිටියේ..

මෘත ශරීරය මේ වන විට පොලොන්නරුව මූලික රෝහලට යවා ඇති අතර සිදුවීම පිළිබඳව හබරණ පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

සූරියවැව බිහිසුණු අනතුරක්..


 අවාසනාවන්ත පුවත ඇසෙන්නේ සූරියවැව පදලංගල ප්‍රදේශයෙන්.. 


සූරියවැව පදලංගල මාර්ගයේ විහාරගල විද්‍යාලය ඉදිරිපිට ඊයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා...

රැකියාවේ නියුතු තම දුව රැගෙනයෑම සදහා පැමිණි පියෙකු විසින් යතුරුපැදිය නවතා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ පසෙක සිටි අවස්ථාවේදී, ප්‍රධාන මාර්ගයේ පැමිණි වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයට එකවර දැමූ ස්කුටී වර්ගයේ යතුරුපැදියක ගැටීමට යෑමේදී එය වැළැක්වීමට උත්සාහ දරා තිබෙනවා..

එම අවස්ථාවේදී ටිපර් රථ රියදුරා ගත් උත්සාහය පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ පසෙක සිටි යතුරුපැදිකරුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ..

අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.